සංනිවේදනය යනු...

සංනිවේදනය යනු කුමක්ද...

  සංනිවේදනය යන පදය "සං" සහ "නි" යන උපසර්ග ප්‍රත්‍ය පෙරටු කරගත් "විද්" යන ධාතුවෙන් උපන් කෘදන්‍තනාමයයි. මෙහි "විද්" යන්නෙන් නිර්මාණය වන අර්තවත් පදය "වේදනය" යන්නයි. එය මූලික අර්ත දෙකක් යෙදේ. එනම්,
     *වේදනා අර්තය - මෙයින් අදහස් වන්නේ ඇස,කන,නාසය,දිව,ශරීරය යන පංචේන්ද්‍රියන් මඟින් හැඟෙන 
                                     දැනෙන සියලු දේය.

     *විද්වත් අර්තය - එනම් අවබෝධය,දැනුම,වැටහීම යන්නයි.මෙකී අදහස් "වේදනය" යන යෙදුම තුළ ඇතුළත් 
                                    වේ.එයට "නි" එකතු වූ කල "නිවේදනය" වේ. එනම් අන් අයට ,සමාජයට ඉහත කී හැඟීම් 
                                    දැනීම් බෙදාහැරීම යන්නයි. එයට "සං" යන ප්‍රත්‍ය එකතු වීමෙන් "සංනිවේදනය" යන්න සෑදේ.
                              මනා ලෙස අර්තවත්ව ක්‍රමානුකූල ව යන අදහස මෙයින් ගම්‍යමාන වේ. මේ අනුව පොදුවේ
                                     සංනිවේදනය යන වචනයට ලබා දෙන අර්තය මෙසේ දැක්විය හැකිය.
      
     " මනා ලෙස අර්තවත් ව, ක්‍රමානුකූල ව, විවිධ හැඟීම් ,දැනීම්, අවබෝධයන් අන් අය සමඟ ,සමාජය සමඟ
       හුවමාරු කර ගැනීම, බෙදා හදා ගැනීම සංනිවේදනයයි."


   සංනිවේදනය යන වචනයට ඉංග්‍රීසි භාෂාවෙහි "COMMUNICATION" යන්න භාවිත වේ.මෙම යෙදුම ඉංග්‍රීසි භාෂාවට පැමිණ තිබෙන්නේ ලතින් භාෂාවේ එන වචන තුනක් එක් වීමෙනි.එනම්

    * Munis - යම් කාර්යයක් කරන්නා
   * Communis - ජනයා සමඟ
    * Communicare - පොදු බවට පත් කිරීම  යනාදි වශයෙනි.

Communication යන වදනට ඒ අනුව ලබා දෙන අර්තය මෙසේ දැක්විය හැකි ය.

"කිසියම් කාර්යයක් ජනයා සමඟ ,සමාජය සමඟ පොදු බවට පත් කරමින් සිදු කිරීම."
 

Comments

Popular posts from this blog

ලිඛිත සංනිවේදනය.

අවාචික සංනිවේදනය

මහජන සම්බන්දතා නිර්වචන