භාෂාවක වචන භාවිතයෙන් තොරව සිදු කෙරෙන සංනිවේදනය අවාචික සංනිවේදනය නම් වේ.එය කාය භාෂාව,ඉඟි බස,මුහුණේ භාෂාව,ඉරියව් බස යනුවෙන්ද හඳුන්වනු ලබයි.වාචික සංනිවේදනය තුළ වුව ද 70%ක් පමණ අවාචික සංනිවේදන ක්රමයන් පවතී.. අතීත ඝන ගෝත්රික සමාජ වල සිට භාෂාවක් සොයා ගැනීමට පෙර සිට අවාචික සංනිවේදන ක්රමය යොදා ගෙන තිබේ.අවාචික සංනිවේදනය මූලික වශයෙන් මිනිස් සිරුර හා සම්බන්ධ ක්රියාකාරීත්වයන්ට අදාළ වේ.එනම් දේහ චලන ක්රම,මුහුණේ ඉරියව්,ඇස් සබඳතා,ඇඳුම් පැළඳුම් යනාදි වශයෙනි.ඊට අමතරව සමාජීය සංනිවේදනයේ දී සලකුණු ක්රම,චිත්ර,වර්ණ භාවිතය,කොඩි ක්රමය යනාදිය යොදා ගනී.භාෂාවක වචන භාවිතා නොකළත් කටහඬ සහ ශබ්ද යොදාගනිමින් අවාචික සංනිවේදනය සිදු කළ හැකිය.
Comments
Post a Comment