Posts

Showing posts from December, 2017

මහජන සම්බන්දතා නිර්වචන

"මහජන සම්බන්ධතා යනෞ කිසියම් සංවිධානයක් සහ එයට අදාළ ජනතාව අතර අනොන්‍ය අවබෝදය හා කීර්තිනාමය ගොඩ නැංවීම හා පවත්වාගෙන යාම සඳහා ගනු ලබන සැලසුම් සහගත හා කල් පවත්නා සියලු ප්‍රයත්නයන් ය. **ඉන්දීය මහජන සබඳතා ආයතනය** ම.ස. යනු යම් සංවිදානයක් හා එයට අදාල ජනතාව අතර අවබෝදය ස්තාපිත කර පවත්වා ගෙන යාම සදහා සිතා මතා සැලසුම් සහගතව ඉවසීමෙන් යුතුව දරනු ලබන ප්‍රයත්නයකි. **බ්‍රිතාන්‍ය ම.ස. ආයතනය**

ලිඛිත සංනිවේදනය.

භාෂාව මගින් උව්චාරණය කරන වාචික ශබ්ද වලට දෙන ලිඛිත සංකේත හෙවත් අකුරු පදනම් කරගෙන ලේඛන සංනිවෙදන ක්‍රමය ගොඩ නැගේ.අකුරු ලිවීම හා කියවීම විශේෂ සංනිවේදන ක්‍රමයක් ලෙස පිළිගනු ලබයි.මෙය සාක්ෂරතාවය යනුවෙන් හඳුන්වනු ලබයි.ලේඛන හැකියව මානව සංනිවේදනයේ විශේෂ පිළිගැනීමක් සහිත ක්‍රම වේදයකි.

අවාචික සංනිවේදනය

භාෂාවක වචන භාවිතයෙන් තොරව සිදු කෙරෙන සංනිවේදනය අවාචික සංනිවේදනය නම් වේ.එය කාය භාෂාව,ඉඟි බස,මුහුණේ භාෂාව,ඉරියව් බස යනුවෙන්ද හඳුන්වනු ලබයි.වාචික සංනිවේදනය තුළ වුව ද 70%ක් පමණ අවාචික සංනිවේදන ක්‍රමයන් පවතී.. අතීත ඝන ගෝත්‍රික සමාජ වල සිට භාෂාවක් සොයා ගැනීමට පෙර සිට අවාචික සංනිවේදන ක්‍රමය යොදා ගෙන තිබේ.අවාචික සංනිවේදනය මූලික වශයෙන් මිනිස් සිරුර හා සම්බන්ධ ක්‍රියාකාරීත්වයන්ට අදාළ වේ.එනම් දේහ චලන ක්‍රම,මුහුණේ ඉරියව්,ඇස් සබඳතා,ඇඳුම් පැළඳුම් යනාදි වශයෙනි.ඊට අමතරව සමාජීය සංනිවේදනයේ දී සලකුණු ක්‍රම,චිත්‍ර,වර්ණ භාවිතය,කොඩි ක්‍රමය යනාදිය යොදා ගනී.භාෂාවක වචන භාවිතා නොකළත් කටහඬ සහ ශබ්ද යොදාගනිමින් අවාචික සංනිවේදනය සිදු කළ හැකිය.