සංනිවේදනය යනු...
සංනිවේදනය යනු කුමක්ද... සංනිවේදනය යන පදය "සං" සහ "නි" යන උපසර්ග ප්‍රත්‍ය පෙරටු කරගත් "විද්" යන ධාතුවෙන් උපන් කෘදන්‍තනාමයයි. මෙහි "විද්" යන්නෙන් නිර්මාණය වන අර්තවත් පදය "වේදනය" යන්නයි. එය මූලික අර්ත දෙකක් යෙදේ. එනම්, *වේදනා අර්තය - මෙයින් අදහස් වන්නේ ඇස,කන,නාසය,දිව,ශරීරය යන පංචේන්ද්‍රියන් මඟින් හැඟෙන දැනෙන සියලු දේය. *විද්වත් අර්තය - එනම් අවබෝධය,දැනුම,වැටහීම යන්නයි.මෙකී අදහස් "වේදනය" යන යෙදුම තුළ ඇතුළත් වේ.එයට "නි" එකතු වූ කල "නිවේදනය" වේ. එනම් අන් අයට ,සමාජයට ඉහත කී හැඟීම් ...